Our highlights
welithalapa

වැලිතලප

    Ingredients

    • කැකුළු හාල් පිටි - 500g
      සීනි - 450g
      පොල් කුඩු - 180g
      උකු පොල් කිරි - කෝප්ප 01
      කොටා ගත්ත කරදමුංගු ටිකක්
      ලුණු - තේ හැඳි 02

    Instructions

    1. පොල් කුඩු ටිකයි පිටි ටිකයි එකට දාලා පොඩි කැටි වගේ වෙනකන් කලවම් කර ගන්න.
      මේ මිශ්‍රණය වේලිලා වගේ තියනවා නම් වතුර ටික ටික ඉහ ඉහ කැටි හදා ගන්න.
      පොඩියට කැටි හදාගත්තට පස්සේ මේ ටික ස්ටීමර් එකකට දාගන්න. පිටි ටික ස්ටීමර් එකට දාද්දි තද වෙන්න දාන්න එපා. එතකොට මැද ටික තම්බෙනවා අඩු වෙනවා.
      මේ පිටි ටික විනාඩි 35ක් 45ක් විතර ලිපේ තියලා හොඳට තම්බා ගන්න.
      තම්බා ගෙන ඉවර උනාට පස්සේ අයෙත් මේ පිටි ටික හොඳට පොඩි කර ගන්න.
      ඊළගට පැණි ටික හදා ගන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලාම සීනි ටිකක් තාච්චියකට දාලා හොඳට තද පාට වෙනකන් උණු කර ගන්න.
      සීනි ටික හොඳට තද පාට වෙලා බුබුළු දානකොට ඒකට උණු වතුර ටිකක් දාගන්න.
      දැන් ඉතුරු සීනි ටිකයි තව උණු වතුර ටිකකුයි දාගන්න.
      සීනි ටික හොඳට දිය උනාට පස්සේ ලුණු ටිකයි පොල් කිරි ටිකයි දාන්න.
      පොල් කිරි ටික හොඳට රත් වෙනකන් දිගටම හැඳි ගාන්න. මේ අතරතුරේදී කොටාගත්ත කරදමුංගු ටිකත් දාගන්න.
      පැණි ටික හොඳට බුබුළු දාන්න පටන් ගත්තාට පස්සේ තම්බාගත්ත පිටි ටික දාන්න.
      දැන් මේ පැණි ටික පිට්ටු ටිකත් එක්ක මිශ්‍ර වෙනකන් හොඳට කලවම් කරන්න.
      වැලි තලප මිශ්‍රනේ වතුර ගතිය අඩු වෙලා ටිකක් ගුලි වෙන මට්ටමට ආවහම මේක ලිපෙන් බාගන්න.
      දැන් අපි මේ ටික තැටියකට දාලා හොඳට පැතලි කර ගන්න ඕනේ.
      පැතලි කර ගත්තට පස්සේ මේ වැලි තලප ටික ටිකක් වෙලා නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.

    වැලිතලප

    Please enter a valid URL

    INGREDIENTS

    කැකුළු හාල් පිටි – 500g
    සීනි – 450g
    පොල් කුඩු – 180g
    උකු පොල් කිරි – කෝප්ප 01
    කොටා ගත්ත කරදමුංගු ටිකක්
    ලුණු – තේ හැඳි 02

    INSTRUCTIONS

    පොල් කුඩු ටිකයි පිටි ටිකයි එකට දාලා පොඩි කැටි වගේ වෙනකන් කලවම් කර ගන්න.

    en_USEnglish