Our highlights
1669198290 (1)

බිලිං අච්චාරු

    Ingredients

    • දිග බිලිං ගෙඩි විස්සක් පමණ

      විනාකිරි තේ හැඳි තුනක් පමණ

      විනාකිරෙන් අඔරාගත් අබ

      ලියාගත් ලොකුලූනු ගෙඩියක්

      අමු මිරිස් කරල් කිහිපයක්

      පොඩි හාල්මැස්සන් විස්සක් පමණ

      ලුණු අවශ්‍ය පමණ

      කුරුඳු කැබැල්ලක්

      රම්පෙ, කරපිංචා

      බැදගත් තුනපහ ටිකක්

      කෑලි මිරිස් මේස හැඳි තුනක් පමණ

      මිරිස් කුඩු මේස හැන්දක් පමණ

      ගම්මිරිස් කුඩු ස්වල්පයක්

      වේලන ලද කොච්චි හෝ හීන් කොච්චි මිටක්

      තෙල් ස්වල්පයක්

    Instructions

    1. බිලිං ගෙඩි සෝදා හතරට පළාගන්න. පසුව මැටි බඳුනක් ගෙන වතුර නොදමා ලුණු කැට සහ බිලිං කැබලි දමා ළිපේ තියන්න. තැම්බුණ පසුව ලුණු සහිත වතුර පෙරන්න. බිලිං දිය බේරෙන්නට තබන්න. (බිලිං ගෙඩි පිටින්ම ගන්නට ද හැකියි.) දැන් තෙල් බඳුනක් ළිපේ තියන්න, රම්පෙ, කරපිංචා බැද ඉවත් කරන්න. ලියාගත් ලොකු ලූනු දිගට කපාගත් අමු මිරිස් වෙන වෙනම බැදගන්න. පසුව හාල්මැස්සන් දෙකට ඉරාගෙන බදින්න. සියල්ලම අවශ්‍ය පදමට බැද ගන්න.

      පසුව මැටි ඇතිළියක් ළිපේ තබා තෙල් ස්වල්පයක් දමා එයට තම්බාගත් බිලිං කැබැලි දමා ටිකක් කලවම් කරන්න. දැන් විනාකිරි හැර පෙර බදින ලද දේවල් සහ අනෙක් සියලුම දෑ එකතුකර කලවම් කරන්න.

      විනාඩි පහක් පමණ පිස ගැනීම ප්‍රමාණවත් වන අතර ළිපෙන් බිමට ගෙන විනාකිරි එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.

      හොඳින් නිවුණු පසුව වියළි මැටි බඳුනක අසුරා රෙදි කඩකින් මුට්ටියේ කට ගැට ගසන්න.

      මෙය බිලිං අවාරයේ දී භාවිතා කරන්නට හැකි බැවින්, කල් තබා ගන්නා ක්‍රමයක් ලෙසින් ද සැලකිය හැකියි.

      උත්සව අවස්ථාවලදී මෙන්ම ඉඳහිට ආහාරය සඳහා සුදුසු වේ.

      මෙය අච්චාරුවක් වුවද විනාකිරි එකතු කිරීම අත්‍යාවශ්‍යම නොවන අතර විනාකිරි එකතු නොකර සකස් කරගන්නට ද හැකියි.

    බිලිං අච්චාරු

    Please enter a valid URL

    INGREDIENTS

    දිග බිලිං ගෙඩි විස්සක් පමණ

    විනාකිරි තේ හැඳි තුනක් පමණ

    විනාකිරෙන් අඔරාගත් අබ

    ලියාගත් ලොකුලූනු ගෙඩියක්

    අමු මිරිස් කරල් කිහිපයක්

    පොඩි හාල්මැස්සන් විස්සක් පමණ

    ලුණු අවශ්‍ය පමණ

    කුරුඳු කැබැල්ලක්

    රම්පෙ, කරපිංචා

    බැදගත් තුනපහ ටිකක්

    කෑලි මිරිස් මේස හැඳි තුනක් පමණ

    මිරිස් කුඩු මේස හැන්දක් පමණ

    ගම්මිරිස් කුඩු ස්වල්පයක්

    වේලන ලද කොච්චි හෝ හීන් කොච්චි මිටක්

    තෙල් ස්වල්පයක්

    INSTRUCTIONS

    බිලිං ගෙඩි සෝදා හතරට පළාගන්න. පසුව මැටි බඳුනක් ගෙන වතුර නොදමා ලුණු කැට සහ බිලිං කැබලි දමා ළිපේ තියන්න. තැම්බුණ පසුව ලුණු සහිත වතුර පෙරන්න. බිලිං දිය බේරෙන්නට තබන්න. (බිලිං ගෙඩි පිටින්ම ගන්නට ද හැකියි.) දැන් තෙල් බඳුනක් ළිපේ තියන්න, රම්පෙ, කරපිංචා බැද ඉවත් කරන්න. ලියාගත් ලොකු ලූනු දිගට කපාගත් අමු මිරිස් වෙන වෙනම බැදගන්න. පසුව හාල්මැස්සන් දෙකට ඉරාගෙන බදින්න. සියල්ලම අවශ්‍ය පදමට බැද ගන්න.

    en_USEnglish