Our highlights
naaran kewum 2

නාරං කැවුම් 

    Ingredients

    • සීනි 350 g
      හාල් පිටි 500 g
      ලුණු කුඩු තේ හැඳි 02
      ගාගත් පොල් ගෙඩි 01
      අවශ්‍ය ද්‍රව්‍ය - බැටර් එක සාදා ගැනීම සඳහා
      බිත්තර 01
      ලුණු කුඩු තේ හැදි 01
      හාල් පිටි 250 g
      පොල් කිරි කෝප්ප 02
      පාන් පිටි 50 g

    Instructions

    1. ගා ගත් පොල් සමග හාල් පිටි මිශ්‍ර කරන්න. පිට්ටු සෑදීමට සාදන ආකාරයට කුඩා කැට සෑදෙන පරිදි මෙම මිශ්‍රණය වතුර ස්වල්පය බැගින් එක් කරමින් කැට සාදාගන්න.
      මෙම මිශ්‍රණය ස්ටීමරයක දමා මිනිත්තු 45 පමණ තම්බා ගන්න. එසේ තම්බා ගැනීමෙන් නාරං කැවුම් වැඩි දවසක් තබා ගැනීමට හැකි වෙනවා.
      හොඳින් තැම්බූ පිටි මිශ්‍රනය නැවතත් කුඩා කැට බවට පත්කරගන්න.
      සීනි ටිකක් ගෙන තාච්චියකට දමා මද ගින්දරේ හොඳින් රත්කර ගන්න.
      එය දුඹුරු පැහැ ගැන්වී බුබුළු දමන තත්ත්වයට පැමිණි පසු උණු වතුර ස්වල්පයක් එක්කර ගන්න.
      ඉතුරු සීනි ටිකද මෙයට දමා මිනිත්තු 05 පමණ හොඳින් පිසගන්න.
      කලින් සකසා ගත් පොල් මිශ්‍රණය පැණි එකට එකතු කරන්න.
      හොඳින් පැණි පොල් මිශ්‍රණය සෑදෙන තෙක් මිනිත්තු 10 - 15 පිසගන්න.
      මිශ්‍රණය නියම පදමට ආවාට පසු බන්දේසියක් මත දමා ගන්න. අතින් බෝල සාදා ගැනීමට හැකිවන තෙක් එය නිවෙන්නට සලස්වන්න.
      මෙම මිශ්‍රණයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ කැවුම් බෝල සාදාගන්න.
      කැවුම් බෝල සියල්ල සාදා ගත් පසු අපට බැටරය සාදා ගැනීම අවශ්‍ය වෙනවා.
      ඒ සඳහා බිත්තර , පොල් කිරි , ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
      හාල් පිටි මිශ්‍රණයද එකතු කරගනිමින් හොඳින් කලවම් කරන්න.
      පාන් පිටි ස්වල්පයක් ද මිශ්‍රණයට එකතු කරන්න.
      ඝන බැටර් එකක් සෑදෙන ආකාරයට සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.
      සමහරු මෙම මිශ්‍රණය සඳහා කහ ස්වල්පයක් ද යොදා ගන්නවා. එයින් කැවුම් වලට අතිරේක ලස්සනක් එකතු වෙනවා. ඔබත් කැමැති නම් මිශ්‍රණයට කහ තේ හැන්දක් එකතු කරන්න.
      තාච්චියකට තෙල් දමා තෙල් ටික හොඳින් රත් උනාට පසු, සාදාගත් කැවුම්වල බැටර් එක තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
      කැවුම් රන්වන් පැහැයට බැදෙන විට එය වට්ටියකට හෝ ටිෂු එකකට බාගන්න.
      සියලුම කැවුම් මේ ආකාරයට බැඳගන්න.

    නාරං කැවුම් 

    Please enter a valid URL

    INGREDIENTS

    සීනි 350 g
    හාල් පිටි 500 g
    ලුණු කුඩු තේ හැඳි 02
    ගාගත් පොල් ගෙඩි 01
    අවශ්‍ය ද්‍රව්‍ය – බැටර් එක සාදා ගැනීම සඳහා
    බිත්තර 01
    ලුණු කුඩු තේ හැදි 01
    හාල් පිටි 250 g
    පොල් කිරි කෝප්ප 02
    පාන් පිටි 50 g

    INSTRUCTIONS

    ගා ගත් පොල් සමග හාල් පිටි මිශ්‍ර කරන්න. පිට්ටු සෑදීමට සාදන ආකාරයට කුඩා කැට සෑදෙන පරිදි මෙම මිශ්‍රණය වතුර ස්වල්පය බැගින් එක් කරමින් කැට සාදාගන්න.
    මෙම මිශ්‍රණය ස්ටීමරයක දමා මිනිත්තු 45 පමණ තම්බා ගන්න. එසේ තම්බා ගැනීමෙන් නාරං කැවුම් වැඩි දවසක් තබා ගැනීමට හැකි වෙනවා.
    හොඳින් තැම්බූ පිටි මිශ්‍රනය නැවතත් කුඩා කැට බවට පත්කරගන්න.
    සීනි ටිකක් ගෙන තාච්චියකට දමා මද ගින්දරේ හොඳින් රත්කර ගන්න.
    එය දුඹුරු පැහැ ගැන්වී බුබුළු දමන තත්ත්වයට පැමිණි පසු උණු වතුර ස්වල්පයක් එක්කර ගන්න.
    ඉතුරු සීනි ටිකද මෙයට දමා මිනිත්තු 05 පමණ හොඳින් පිසගන්න.
    කලින් සකසා ගත් පොල් මිශ්‍රණය පැණි එකට එකතු කරන්න.
    හොඳින් පැණි පොල් මිශ්‍රණය සෑදෙන තෙක් මිනිත්තු 10 – 15 පිසගන්න.

    en_USEnglish