Our highlights
09

කෙසෙල්බඩ තෙම්පරාදුව

    Ingredients

    • ලුණු , කහ ටිකක් දමා හොදින් සෝදාගත් කුඩාවට කොටු කපාගත් කෙහෙල්බඩ කෝප්ප 4ක් ගෙන තවත් කහ සහ ලුණු ස්වල්පයකට වතුර මේස හැදී තුනක් පමණ දමා තරමක් තම්බාගෙන පෙරාගන්න.

      කඩල පරිප්පු මේස හැඳි 1

      උඳු පරිප්පු මේස හැඳි 1

      අබ ඇට තේ හැඳි 1

      සුදුරු ඇට තේ හැඳි කාලක්

      සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3ක්

      අතින් හොදින් පොඩිකරගත් කරපිංචා කිනිති 3ක්

      තලාගත් සුදුළුණු බික් 5ක්

      කහ කුඩු තේ හැඳි බාගයක්

      අතින් කඩාගත් වියලි මිරිස් කරල් 5ක්

      සිහින්ව ගා ගත් පොල් කෝප්ප 1 ½ ක්

      සිහින්ව ලියා ගත් රතුළුණු ගෙඩි 5ක්

      පොල් තෙල් මේස හැඳි 2ක්

      ගම්මිරිස් කෑලි තේ හැඳි බාගයක්

      අවශ්‍ය පමණ ලුණු

      දෙහි

    Instructions

    1. තරමක් ලොකු මැටි ඇතිලියක් අරගෙන පොල්තෙල් දමා ඇතිළිය කරකවමින් පොල් තෙල් ටික හොදින් අතිලියේ තවරන්න. මධ්‍යම ප්‍රමාණයේ ගින්දරකින් මෙය රත් කරගෙන කඩල පරිප්පු සහ උදු පරිප්පු එක් කර රන්වන් පැහැය වනකන් බැදගන්න.
      මෙයට අබ සුදුරු වියලි මිරිස් එක කර විනාඩියක් පමණ තෙම්පරාදු කර සුදු ලුණු රතු ලුණු අමුමිරිස් එක කර තවත් විනාඩි 2ක් පමණ තෙම්පරාදු කරගන්න.
      දැන් කරපිංචා එක් කර හොදින් මිශ්‍ර කරගන්න.
      ඊළගට කහ දමා මිශ්‍ර කර පසුව පොල් ටික එකතු කර හොදින් කූරු ගාන්න.
      දැන් මෙයට කලින් තම්බගෙන පෙරාගත් කෙසෙල්බඩ එක කර ලුණු ගම්මිරිස් එක් කර අඩු ගින්දරේ හොදින් මලවාගන්න
      විනාඩි පහකින් පමණ පසු දෙහි ඇඹුල් එක් කර බාගන්න.

    කෙසෙල්බඩ තෙම්පරාදුව

    Please enter a valid URL

    INGREDIENTS

    ලුණු , කහ ටිකක් දමා හොදින් සෝදාගත් කුඩාවට කොටු කපාගත් කෙහෙල්බඩ කෝප්ප 4ක් ගෙන තවත් කහ සහ ලුණු ස්වල්පයකට වතුර මේස හැදී තුනක් පමණ දමා තරමක් තම්බාගෙන පෙරාගන්න.

    කඩල පරිප්පු මේස හැඳි 1

    උඳු පරිප්පු මේස හැඳි 1

    අබ ඇට තේ හැඳි 1

    සුදුරු ඇට තේ හැඳි කාලක්

    සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3ක්

    අතින් හොදින් පොඩිකරගත් කරපිංචා කිනිති 3ක්

    තලාගත් සුදුළුණු බික් 5ක්

    කහ කුඩු තේ හැඳි බාගයක්

    අතින් කඩාගත් වියලි මිරිස් කරල් 5ක්

    සිහින්ව ගා ගත් පොල් කෝප්ප 1 ½ ක්

    සිහින්ව ලියා ගත් රතුළුණු ගෙඩි 5ක්

    පොල් තෙල් මේස හැඳි 2ක්

    ගම්මිරිස් කෑලි තේ හැඳි බාගයක්

    අවශ්‍ය පමණ ලුණු

    දෙහි

    INSTRUCTIONS

    තරමක් ලොකු මැටි ඇතිලියක් අරගෙන පොල්තෙල් දමා ඇතිළිය කරකවමින් පොල් තෙල් ටික හොදින් අතිලියේ තවරන්න. මධ්‍යම ප්‍රමාණයේ ගින්දරකින් මෙය රත් කරගෙන කඩල පරිප්පු සහ උදු පරිප්පු එක් කර රන්වන් පැහැය වනකන් බැදගන්න.

    en_USEnglish