Our highlights
aasmee

ආස්මී

    Ingredients

    • හාල්පිටි 1kg
      මිටි කිරි කේප්ප 2
      මේරූ දවුල් කුරුදු
      ලුණු තේ හැදි 2
      හකුරු 400g
      තෙල්

    Instructions

    1. හාල් පිටි හතර පස් වතාවක්ම ඉතාම සිහින් දැල් සහිත පෙනේරයකින් හලා ගන්න. හොදින් සෝදා පිරිසිදු කරගත් දවුල් කුරුදු කොළ කැබලි වලට කඩා භාජනයකට දමා වතුර ටික ටික ඉසිමින් අතින් පොඩිකරමින් නානු සාදා ගන්න. මෙම නානු රෙදි කැබැල්ලකින් පෙරා ගන්න. දැන් පිටි වලට ලුණු, නානු සහ පොල් කිරි දමා මිශ්‍ර කරන්න. හරි පදමට මිශ්‍ර වු විට එය දැන ගන්නේ මෙ‍ෙස්ය. මිශ්‍රණය අනන විට අත ඔසවන්න. ඇඟිලි දිගේ නුලක් ආකාරයට පිටි බේරෙන්නේ නම් පදම නිවැරදිය.

      දැන් සිහින් සිදුරු විදින ලද ලොකු පොල් කට්ටක් ගෙන එයට පිටි මිශ්‍රණය දමා රත් වු තෙලට රවුමට දැලක් සේ ගෙතෙන ලෙස පිටි වත් කරන්න. පිපී‍ගෙන එනවිට ඉක්මනින් හැන්දක් ආධාරයෙන් දෙකට නවා ගන්න. දැන් දෙපැත්ත දමා බැද ගන්න. මේ ලෙස බැදගත් ආස්මී මැටි වළඳක අඩුක්කර, දින 3 ක් පමණ වසා, තෙල් බේරෙන්නට තබන්න. දැන් හකුරු සිහින්ව ලියා වතුර ස්වල්පයක් එකතු කර පත් පැණි සාදා ගන්න. එය පසෙකින් තබන්න. නැවත තෙල් වළඳක් ළිප තබා රත් වු විට ආස්මී දමා විනාඩියක් පමණ නැවත බැද ගන්න. දියකරගත් හකුරු සිහින් රේඛා ලෙස විහිදෙන පරිදි ආස්මිය මතුපිටට වක් කරන්න.

    ආස්මී

    Please enter a valid URL

    INGREDIENTS

    හාල්පිටි 1kg
    මිටි කිරි කේප්ප 2
    මේරූ දවුල් කුරුදු
    ලුණු තේ හැදි 2
    හකුරු 400g
    තෙල්

    INSTRUCTIONS

    හාල් පිටි හතර පස් වතාවක්ම ඉතාම සිහින් දැල් සහිත පෙනේරයකින් හලා ගන්න. හොදින් සෝදා පිරිසිදු කරගත් දවුල් කුරුදු කොළ කැබලි වලට කඩා භාජනයකට දමා වතුර ටික ටික ඉසිමින් අතින් පොඩිකරමින් නානු සාදා ගන්න. මෙම නානු රෙදි කැබැල්ලකින් පෙරා ගන්න. දැන් පිටි වලට ලුණු, නානු සහ පොල් කිරි දමා මිශ්‍ර කරන්න. හරි පදමට මිශ්‍ර වු විට එය දැන ගන්නේ මෙ‍ෙස්ය. මිශ්‍රණය අනන විට අත ඔසවන්න. ඇඟිලි දිගේ නුලක් ආකාරයට පිටි බේරෙන්නේ නම් පදම නිවැරදිය.

    en_USEnglish