Our highlights
Aluwa

අලුවා

    Ingredients

    • හාල් පිටි 500g
      සීනි 300g
      කිරි
      කජු
      කරද මුංගු
      වතුර කෝප්ප 01

    Instructions

    1. මේ සඳහා අවශ්‍ය හාල්පිටි ඔබට ගෙදරදීම සාදා ගන්න හැකියාව තිබෙනවා. පෙරදින රාත්‍රියේ හාල් පෙඟෙන්නට දමා පසුදින උදේ හොඳින් සෝදා ගරා කිරි ගොට්ටකට දමා ටික වේලාවක් තබා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් කොටා ගන්න.
      මධ්‍යම ප්‍රමාණයට ගින්දර දමාගනිමින් හාල් පිටි ටික හොඳින් බැදගන්න. හාල්පිටි කුඩා දූවිලි වැලි වගේ වෙනකම් බැදගන්න.
      පිටි ටික පෙනේරයක් ආධාරයෙන් හලාගන්න.
      කරද මුංගු හොඳින් කොටාගෙන කජු ටික සිහින්ව කපාගන්න.
      වතුර සහ සීනි තාච්චියකට දමා හොඳින් රත් කර ගන්න. එයට ලුණු කුඩු එකතු කරන්න.
      මෙහිදී සාමාන්‍ය ප්‍රමාණයකට ගින්දර දමා ගන්න. නියම පදම ගන්න මිනිත්තු 10 - 12 ගතවෙනවා
      හැන්දට මෙම මිශ්‍රණයෙන් ටිකක් අරගෙන ඉහලට ඔසවා නැවතත් භාජනයටම වක්කරන්න. එහිදී නූලක් ආකාරයෙන් සීනි මිශ්‍රණය වැටෙනවනම් නියම පදමට පැමිණිලා තිබෙනවා.
      භාජනය ලිපෙන් ඉවතට ගෙන මිශ්‍රණයෙන් භාගයක් වෙනම කෝප්පයකට දමා පසෙකින් තබාගන්න. පිටි එකතු කිරීමේ දී පසුව අපට මෙය ප්‍රයෝජනවත් වෙනවා.
      සීනි මිශ්‍රණයට කරදමුංගු සහ කජු එකතු කරන්න. කලවම් කරන්න.
      කිරි ටිකද එකතු කර හොඳින් කලවම් කරන්න.
      මිශ්‍රණයට හාල්පිටි ටිකෙන් ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න. මෙහිදී එකවර හාල් පිටි මිශ්‍රණයට නොදමන්න.
      පිටි එකතු කිරීමේදී මිශ්‍රණය ඝන වූවානම් අප පසකින් තබා ගත් සීනි මිශ්‍රණය මේ සඳහා යොදා ගන්න පුළුවන් වෙනවා.
      අතේ නොඇලෙන ප්‍රමාණයට මෙලෙක් ගුලියක් ආකාරයෙන් මෙය සකස් කරගත් පසු බන්දේසියක ට දමාගන්න .
      මෙහිදී පිටි මිශ්‍රණය බන්දේසියට දමා ගැනීමට පෙර බන්දේසිය මත බැදගත් හාල් පිටි අතුරන්න.
      හොඳින් මෙය බන්දේසිය මත තුනී කර අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හැඩයට කෑලි කපාගන්න.
      කෑලි කපා ගැනීමට පෙරද මිශ්‍රණය මතට බැදගත් හාල් පිටි සුළු ප්‍රමාණයක් ඉසින්න.
      නිවෙන්නට හැර කෑලි වෙන්කර ගන්න.
      මෙය ඉක්මනින් ඝන වන නිසා බන්දේසියක දමා ඉක්මනින් කෑලි කපා ගැනීමට අමතක කරන්න එපා.

    අලුවා

    Please enter a valid URL

    INGREDIENTS

    හාල් පිටි 500g
    සීනි 300g
    කිරි
    කජු
    කරද මුංගු
    වතුර කෝප්ප 01

    INSTRUCTIONS

    මේ සඳහා අවශ්‍ය හාල්පිටි ඔබට ගෙදරදීම සාදා ගන්න හැකියාව තිබෙනවා. පෙරදින රාත්‍රියේ හාල් පෙඟෙන්නට දමා පසුදින උදේ හොඳින් සෝදා ගරා කිරි ගොට්ටකට දමා ටික වේලාවක් තබා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් කොටා ගන්න.
    මධ්‍යම ප්‍රමාණයට ගින්දර දමාගනිමින් හාල් පිටි ටික හොඳින් බැදගන්න. හාල්පිටි කුඩා දූවිලි වැලි වගේ වෙනකම් බැදගන්න.
    පිටි ටික පෙනේරයක් ආධාරයෙන් හලාගන්න.
    කරද මුංගු හොඳින් කොටාගෙන කජු ටික සිහින්ව කපාගන්න.
    වතුර සහ සීනි තාච්චියකට දමා හොඳින් රත් කර ගන්න. එයට ලුණු කුඩු එකතු කරන්න.
    මෙහිදී සාමාන්‍ය ප්‍රමාණයකට ගින්දර දමා ගන්න. නියම පදම ගන්න මිනිත්තු 10 – 12 ගතවෙනවා

    en_USEnglish