Our highlights
athirasa-2

අතිරස

    Ingredients

    • හාල් පිටි 500 g
      සීනි 300 g
      මහදුරු 25 g
      ලුණු තේ හැඳි 02
      කප්පි ( කැඩුණු කැකුළු සහල්)
      පාන් පිටි ස්වල්පයක්
      පොල් පැණි
      ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය තෙල්

    Instructions

    1. පළමුවෙන්ම කප්පි සාදා ගැනීම සඳහා කැඩුණු කැකුළු සහල් තාච්චියකට දමා රන්වන් පාට වන තුරු බැද ගන්න.
      මහදුරු විනාඩියක් පමණ බැද ගෙන හොඳින් කුඩු කර ගන්න.
      පැණි මිශ්‍රණය සාදා ගැනීමට සීනි ටිකක් තාච්චියකට දමා එය රන්වන් පැහැ ගැන්වී උකු වන තුරු මද ගින්දරේ රත්කරගන්න.
      සීනි මිශ්‍රණය රන්වන් පැහැ ගැන්වූ පසු උණු වතුර කෝප්පයක් එයට එකතු කරගනිමින් හොඳින් මිශ්‍ර කරන්න.
      මෙයට ඉතුරු සීනි ටික දමා හොදින් කලවම් කරන්න.
      ලුණු කුඩු ද එකතු කරන්න.
      සීනි ටික හැන්දකට අරන් පහලට වක්කල විට නුලක් වගේ පහලට ඇදෙන පදමට එනකන් සීනි ටික උණු කර ගන්න.
      මිශ්‍රණයෙන් භාගයක් වෙනම කෝප්පයකට දමා පසෙකින් තබාගන්න. පිටි එකතු කිරීමේදී මෙය අපට ප්‍රයෝජනවත් වෙනවා.
      පොල් පැණි එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න. මිනිත්තුවක් පමණ තබා ලිපෙන් බා ගන්න.
      කප්පි සහ මහදුරු එකතු කරන්න.
      පිටි ටිකෙන් ටික එකතු කර ගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.
      පාන් පිටි ස්වල්පයක් ද එකතු කරන්න.
      ඇඟිලි තුඩු තබමින් පිටි මිශ්‍රනය නිවැරදි පදමට සැදුණා දැයි අපට දැනගත හැකි වෙනවා. නිවැරදි පදමට සෑදුනු පිටි මිශ්‍රණය අතේ ඇඟිලි වල ඇලෙන්නේ නැහැ.
      දැන් මේ මිශ්‍රණය තච්චියෙන් එලියට ගෙන බෝර්ඩ් එකක් මතට බා ගන්න.
      පිටි මිශ්‍රණයේ ම කුඩා වළක් සාදා ඒ මත තෙල් ස්වල්පයක් දමා එය ඇඟිලි තුඩු වල ගාගනිමින් මිශ්‍රණය කුඩා බෝල වලට කඩා ගන්න.
      කෙසෙල් කොළයක් මත තෙල් ස්වල්පයක් තවරා ගෙන ඒ මතට කැවුම් බෝල තබා ඇඟිලි තුඩුවලින් බිස්කට් එකක් ආකාරයට සැදෙන පරිදි තලාගන්න.
      තාච්චියක් ළිප තබා එයට තෙල් දමා මෙම කැවුම් එකිනෙක දමා ගනිමින් බැදගන්න.
      එක කැවුමක් තාච්චියට දමා එය උඩට පැමිණෙන තෙක් දෙවෙනි කැවුම තාච්චියට නොදමන්න. එසේ නොවුනහොත් කැවුම් දෙකම එකට ඇලෙනවා.
      කැවුම රන්වන් පාටට බැදුන පසු වට්ටියකට හෝ ටිෂු එකක් මතට බාගන්න.
      මේ ආකාරයෙන් මුළු මිශ්‍රණයෙන් ම කැවුම් සාදා ගන්න.
      භාජනයක කැවුම් අසුරන විට අඩියට පීරිසියක් අනිත් පැත්ත හරවා නමන්න. අතිරස කැවුම් වල තෙල් අධික බැවින් එසේ කිරීමේ දී කැවුම් වල ඇති තෙල් පීරිසිය අඩියේ තැන්පත් වෙනවා.

    අතිරස

    Please enter a valid URL

    INGREDIENTS

    හාල් පිටි 500 g
    සීනි 300 g
    මහදුරු 25 g
    ලුණු තේ හැඳි 02
    කප්පි ( කැඩුණු කැකුළු සහල්)
    පාන් පිටි ස්වල්පයක්
    පොල් පැණි
    ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය තෙල්

    INSTRUCTIONS

    පළමුවෙන්ම කප්පි සාදා ගැනීම සඳහා කැඩුණු කැකුළු සහල් තාච්චියකට දමා රන්වන් පාට වන තුරු බැද ගන්න.

    en_USEnglish